භයානක හෙළිදරව්වක්..ඉදිරි දින කීපය තුළ මෙරට ලේ විලක් බවට පත් වීමට ඉඩ..

Report

විදෙස්ගතව සිටින හා මෙරට සිටින පාතාල කල්ලි විසින් ඉදිරි දින කීපය තුළ මෙරටදී ඝාතන දහනවයක් කිරීමට කර ඇති සැලසුම් සම්බන්ධව බුද්ධි අංශ හෙළිකරගෙන ඇත.

මේ සම්බන්ධව වැඩ බලන පොලිස්පතිවරයාටද රහස්‍ය වාර්තාවක් දී ඇත. ඒ අනුව පාතාල කල්ලි අතර සිදු කිරීමට නියමිත මෙම ඝාතන රැල්ල නැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඒ සම්බන්ධ වාර්තාවක් තමා වෙත දෙන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් බස්නාහිර දකුණ හා උතුරු මැද පළාත් තුන භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත පසුගියදා දන්වා යවා ඇත.

සල්ලි හොදට හම්බ කරන් එන්නේ ඩුබායි රටේ ඉදල කිව්වට ආපු ගමන්ම ඇතුලට ...බලන්නකෝ කරලා තියන දේ..

සල්ලි හොදට හම්බ කරන් එන්නේ ඩුබායි රටේ ඉදල කිව්වට ආපු ගමන්ම ඇතුලට ...බලන්නකෝ කරලා තියන දේ..

මේ අනුව හඳුනාගෙන ඇති පාතාල ඝාතන කල්ලි, ඔවුන්ගේ ඉලක්කය වී ඇති පුද්ගලයන් හා ඔවුන් මෙහහෙයවන විදෙස්ගත පාතාල කණ්ඩායම් ගැන රහස්‍ය බුද්ධි වාර්තාවක් අදාළ නිලධාරින් වෙත යොමු කර යවා තිබේ.

මෙම ඝාතන ඉලක්ක අතර පාතාලය සම්බන්ධව මාධ්‍ය වෙත තොරතුරු දුන් සංවිධානයක සභාපතිවරයකුගෙන් පළිගැනීම සඳහා ඔහුගේ සොහොයුරා ඝාතනය කිරීමට වූ තැතක්ද හෙළිකර තිබේ.

අසිරිමත් නත්තලට තව දින කිහිපයක් තිබියදී නත්තල් වෙළෙඳපොළක සිදුවූ ඛේදනීය සිදුවීම..(VIDEO)

අසිරිමත් නත්තලට තව දින කිහිපයක් තිබියදී නත්තල් වෙළෙඳපොළක සිදුවූ ඛේදනීය සිදුවීම..(VIDEO)

කන්ජිපානි ඉම්රාන්, කුඩුලාල්, අහුන්ගල්ලේ ලොකු පැටී, අහුන්ගල්ලේ පොඩි පැටී, කොස්ගොඩ සුජී. කරන්දෙණිය සුද්දා, මට්ටකුක්ලිය රෝෂාන්, රත්ගම විදුර, ප්‍රංශ​යේ ආනන්ද, බඩෝවිට අසංක, ගනේමුල්ල සංජීව ඇතුළු පාතාල කණ්ඩායම්වල මත්ද්‍රව්‍ය හා පාතාල කණ්ඩායම්වල බලය සම්බන්ධ මත ගැටුම් හේතුවෙන් මෙම ඝාතන ඉදිියේදී කිරීමට සැලසුම් කර ඇතැයි හෙළි වී ඇත.  

You may like this video