ධනුෂ්කගේ නඩු ගාස්තු පියවන්නැයි නියෝගයක්...

Sri Lanka Cricket Australia Sydney Danushka Gunathilaka
By Hashini Nov 24, 2023 06:10 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව නඩු පැවරූ පොලීසිය අසාධාරණ ලෙස කටයුතු කර ඇති බව සිඩ්නි අධිකරණයක් තීන්දු කර තිබෙනවා.

විනිසුරු සාරා ග්‍රේට් ඉදිරියේ වියදම්වලට අදාළ නඩු කටයුත්ත අද (24) අසා ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ රජයේ පාර්ශ්වය පැවරූ එම නඩුව සම්බන්ධයෙන් සැලකියයුතු ගැටලු ඇති බවය.

ධනුෂ්කගේ නඩු ගාස්තු පියවන්නැයි නියෝගයක්... | An Order To Pay Dhanushka S Court Fees

විනිසුරුවරිය නියෝග කර ඇත්තේ ගුණතිලක ගේ නඩු ගාස්තු ඔහුට ලබාගත හැකි පරිදි සහතිකයක් නිකුත් කරන ලෙසටය.

දුරකථන මෙවලමක් හරහා හඳුනාගත් ඔස්ට්‍රේලියානු තරුණියකට ඇයගේ නිවසේදී අතවර කළ බවට ගුණතිලකට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

ඔහුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනුණු අතර, ඔහුට එල්ලවූ චෝදනාවට වරදකරු නොවන බව සිඩ්නි අධිකරණය පසුගිය සැප්තැම්බර් මස 28 වනදා තීන්දු කරනු ලැබුවා.

උඩරට දුම්රිය ධාවන යළිත් සාමාන්‍ය පරිදි.....

උඩරට දුම්රිය ධාවන යළිත් සාමාන්‍ය පරිදි.....


ReeCha