ගාල්ල බන්ධනාගාරයෙන් මාරාන්තික රොගයක් ..අයෙක් මරුට තවත් තිදෙනෙක් රෝහලේ..
By Piyumika
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොළේ උණ වැළදීමෙන් මියගොස් තිබෙන බවට බන්ධනාගාර නිලධාරීන් වර්තා කර තිබේ .
මෙසේ මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි පුද්ගලයෙකු බවයි සදහන් වනුයේ .
බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ පවසා ඇත්තේ අදාළ රැඳවියා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සෙනසුරාදා දිනයේ මියගොස් ඇති බවයි.
මේ වන විට තවත් රැඳවියන් තිදෙනෙකුට මොළේ උණ වැළඳී තිබේ දැයි සැකයක් ඇති අතර ඔවුන්ද කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වෛද්‍ය හේමන්ත රණසිංහ වැඩිදුරටත් සඳහන් කර තිබේ .