මෙරට මානසික රෝගීන්ගේ වැඩිවීමක්.

Sri Lanka Hospitals in Sri Lanka
By Wayomi Aug 12, 2023 05:35 PM GMT
Wayomi

Wayomi

Report

මානසික වෛද්‍යවරුන් හමුවට පැමිණෙන රෝගීන් ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩිවී ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා.

ආර්ථික පීඩනය සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය යනාදී කාරණා මෙම ආතති තත්වයන්ට ප්‍රධාන හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම තම දරුවන්ගේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව, තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු බිඳවැටීම, ඉගෙන ගත්තත් හොඳින් ජීවත් විය නොහැකිවේ යැයි යන සෘණාත්මක අවිනිශ්චිත මනෝභාවයන් , දරුවන් විදේශ ගත කිරීම සඳහා මුදල් සොයා ගැනීමට දරන උත්සාහයන් අසාර්ථක වීම, දරුවන් විදේශයන්ට යැවීමෙන් තමන් තනි වේ යැයි යන සිතුවිලි යනාදිය මෙම මානසික පීඩනයන්ට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බවත් මෙම ආතති වර්ධනයවීමෙන් විශාදය වැනි රෝග තත්වයන් පවා මතු විය හැකි බවත් රූමි රූබන් මහතා වැඩිදුරටත් අවධාරණය කරනවා.

ReeCha