ප්‍රධාන වරායක පිපිරීමක්
දකුණු ඉරානයේ බන්ඩාර් අබ්බාස් හී ෂාහීන් රාජී වරායේ පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. සිද්ධියෙන් පුද්ගලයින් 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉරානයේ ෂහීඩ් රාජි දකුණු වරායේ බහාලුම් කිහිපයක් පිපිරීමෙන් මෙය සිදුවී ඇති බවය.
මෙම වරාය ප්‍රධාන වශයෙන් බහාලුම් ගමනාගමනය හසුරුවන අතර තෙල් ටැංකි සහ අනෙකුත් ඛනිජ රසායනික පහසුකම් සපයන වරායක් ලෙසද හැදින්වේ. පිපිරීමේන් වරායට දැඩි ලෙස හානි සිදුව ඇති අතර පිපිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඉරාන රේගු අධිකාරිය පවසා ඇත්තේ පිපිරීමට හේතුව අනතුරුදායක භාණ්ඩ සහ රසායනකික ද්‍රව්‍ය විය හැකි බවය.
තවද සිද්ධියෙන් වරයායේ තොටුපොළක කොටසක් දැඩි ලෙස හානි සිදු වී ඇතැයිද පිපිරීමෙන් හටගත් ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.
