සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වූ තර්ජනාත්මක වීඩියෝවේ පැහැදිලිකිරීමක්...

CID - Sri Lanka Police Election Media Social Media
By Parami Dissanayake Sep 11, 2024 06:18 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ තර්ජනාත්මක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල ප්‍රචාරය විය.

ඒ අනුව, ඊට සම්බන්ධ හිටපු යුධ හමුදා මේජර්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 350කට නිදහස...

සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 350කට නිදහස...

ඒ අනුව සඳහන් වන්නේ, පසුගියදා එක්තරා දේශපාලන පක්ෂයක් විසින් පවත්වන ලද මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක් සඳහා සහභාගී වූ පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් ඔස්සේ අනෙකුත් දේශපාලන පක්ෂවල ආධාරකරුවන්ට සහ සාමාජිකයින්ට තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පසුගිය 7 වනදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව ය.

මැතිවරණ අපේක්ෂකයින්ට පොලිසියෙන් උපදෙස්...

මැතිවරණ අපේක්ෂකයින්ට පොලිසියෙන් උපදෙස්...

එමෙන්ම, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ තර්ජනාත්මක හඬ පටය පිළිබඳව සංවිධාන කිහිපයක් විසින් ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ලැබුණු නියෝගය මත වීඩියෝ පටයෙහි ප්‍රචාරය වන කටහඬ එම පුද්ගලයාගේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා වීඩියෝ පටය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙන බව ද වාර්තා වේ.

ඇමතිවරු රැසක් විදෙස්ගත වීම සම්බන්ධයෙන් අලස්ගෙන් පිළිතුරු....

ඇමතිවරු රැසක් විදෙස්ගත වීම සම්බන්ධයෙන් අලස්ගෙන් පිළිතුරු....

අදාළ සැකකරු කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කෙසේ වෙතත්, මේ වන විට,මේ සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

ReeCha