සීගිරිය විනාශයකට උත්සාහයක්ද? විශාල උණ්ඩ තොගයක් සොයාගනී

Report

අද පෙරවරුවේ සීගිරිය ප්‍රදේශයෙන් හමුවුණු උණ්ඩ යොදාගෙන සීගිරියේ යම් විනාශකාරී කටයුත්තකට සුදානම් වුනේ ද යන්න සම්බන්ධයෙන් පොලිසිය සක පල කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ. 

දෙමළ ජනතවට සාධාරණය හොයන තමන්ගේ උන්ව අමතක කරයි (VIDEO)

දෙමළ ජනතවට සාධාරණය හොයන තමන්ගේ උන්ව අමතක කරයි (VIDEO)

සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගෙන තිබෙනවා.

සීගිරිය පොලිසිය කියා සිටියේ ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇති බවයි.

එම හෝටලයේ කළමනාකරු විසින් පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ අනුව සීගිරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ කළ විමර්ශනවලදී එම හෝටලය කබඩ් එකක් තුළ කුඩා පෙට්ටියක තිබී මෙම උණ්ඩ තොගය සොයාගනු ලැබු බව සඳහන්.

නූපන් කිරිකැටියන් දෙදෙනෙකු කුසේ හොවා අවසන්ගමන් ගිය ඇය.

නූපන් කිරිකැටියන් දෙදෙනෙකු කුසේ හොවා අවසන්ගමන් ගිය ඇය.

මෙම උණ්ඩ තොගය සඳහා අයිතිකරුවකු මෙතෙක් සොයාගෙන නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කුමන අපරාධයක් සඳහා මෙම උණ්ඩ තොගය ගෙනවිත් තිබුනේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරක් අනාවරණය නොමැත බව පොලිසිය කියා සිටියා.

සීගිරිය ඉලක්ක කරගෙන යම් විනාශකාරි ක්‍රියාවකට කිසියම් පිරිසක් උත්සහ කර ඇතිද යන්න පොලිසිය සැක පල කර තිබෙනවා.