ඉඩම් ආරවුලකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඥාතීන්ගෙන් පහරදීමක්
By Gagana News
අම්පාර උහන 24 උදාගිරිගම ගම්මානයේදී ඉඩම් ආරවුලක් හේතුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඥාතියකු ඇතුළු පිරිසක් විසින් පුද්ගලයන් කිහිප දෙනෙකුට පහරදීමක් සිදු කර ඇත.
මෙම සිද්ධියෙන් පසුව කාන්තාවක සහ තවත් පුද්ගලයකු අම්පාර මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
පහරදීම සිදු කළ පිරිස නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඥාතීන් බවට පහරකෑමට ලක් වූ කාන්තාව පොලිසියට ප්‍රකාශ කර ඇත.
මෙම කාන්තාවට අයත් කුඹුරු ඉඩමක් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳගේ පියා විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට උත්සාහ කළ විට, ඇය උහන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එහෙත්, උහන පොලිස් ස්ථානාධිපතිවරයා එම පැමිණිල්ල සාධාරණ ලෙස විසඳීමට පියවර නොගත් බව එම කාන්තාව ප්‍රකාශ කරයි.