ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්.
අද (03) පැවැත්වෙන ලෝක කුසලාන පුහුණු තරඟයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක විවේක ගන්වා තිබෙනවා.
තරඟය පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්තානයට එරෙහිවයි.
ඔහුව මෙලෙස විවේක ගන්වා ඇත්තේ බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු පුහුණු තරඟයේදී ඔහුගේ වම් වැලමිට ආශ්‍රිතව සිදුවූ ආබාධයක් හේතුවෙනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ දසුන් ශානක මේ වන විට සුවය ලබමින් සිටින බවයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පළමු පුහුණු තරඟයේ දී ආබාධයකට ලක් වූ කුසල් ජනිත් පෙරේරාද මේ වන විට සුවය ලබමින් සිටින බවයි.
එසේම හෙට (04) මහීෂ් තීක්ෂණ ද ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමට නියමිත බවද එම නිවේදනයේ සඳහන්.
පසුගිය 26 වනදා ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු ඉන්දියාව බලා පිටත් නොවුණි.