කාලගුණ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.
Sri Lanka
Department of Meteorology
TN Weather
Weather
By Hashini
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අද පස්වරු 2.30 සිට අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි ප්‍රබල අකුණු පිළිබඳවයි.
ඊට අනුව උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවත් පවතින බව එම නිවේදනයේ සඳහන්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුර අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසයි.
