අලුත්ම රෝගයක් ගැන ශ්‍රී ලංකාව ඇමරිකාව සමග ගිවිසුමක්..?

America Sri Lanka Gotabhaya Rajapaksha John Kothalavala university
By Sewvandhi Nov 02, 2021 10:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිදයාලය සහ ඇමෙරිකාවේ ඩියුක් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම විශ්වවිද්‍යාල දෙක අතර අදාළ ගිවිසුමට එළඹීමට නියමිතව ඇත්තේ, බැක්ටීරියාවක් හේතුවෙන් බෝවන මෙලියොයිඩෝසිස් නම් රෝගය මෙරට තුළ පවතී දැයි හඳුනා ගැනීම, ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සහ එය පාලනය කිරීමට හැකි වන පරිදි පර්යේෂණ සහයෝගීතාවක් ඇති කර ගැනීම අරමුණ කරගෙන ය.

යෝජිත පර්යේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශවය අතර අනුපිරිනැමීම් ගිවිසුමකට සහ ද්‍රව්‍ය හුවමාරු කර ගැනීමේ ගිවිසුමකට එළඹීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now