ටෙස්ලා කාර් බදු නැතිව ලංකාවට ගෙන්න යෝජනාවක් - WagonRට වඩා චුට්ටක් වැඩිවෙයි..
ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවති වෙළෙඳ සාකච්ඡාවලදී, ඇමරිකානු නිෂ්පාදිත වාහන සඳහා තීරුබදු රහිත ප්‍රවේශයක් ලබාදෙන ලෙස යෝජනාවක් ඉදිරිපත් වූ බව වාර්තා වේ.
මෙම යෝජනාවට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, දෙරට අතර පවතින වෙළෙඳ හිඟය ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස පවතින බැවින්, එය සමතුලිත කිරීමට ඇමරිකානු පාර්ශ්වයේ උනන්දුවයි.
සාකච්ඡාවලදී, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ 20%ක තීරුබද්ද අඩු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, Tesla ඇතුළු ඇමරිකානු උසස් තත්ත්වයේ විද්‍යුත් වාහන ශ්‍රී ලංකා වෙළෙඳපොළට තීරුබදු රහිතව ඇතුළු වීමට අවස්ථාව ලැබෙනු ඇත.
Tesla, විද්‍යුත් වාහන තාක්ෂණයේ පුරෝගාමියෙකු ලෙස, Model 3, Model Y, සහ Model S වැනි මාදිලි හරහා ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගෙන ඇත. මීට අමතරව, Ford, Chevrolet, සහ Jeep වැනි ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදකයන්ගේ වාහන ද ශ්‍රී ලංකා වෙළෙඳපොළට පහසුවෙන් ඇතුළු වීමට හැකිවනු ඇත.
දැනට ශ්‍රී ලංකාවේ එම වාහනවලට පනවා ඇති අධික තීරුබදු හේතුවෙන් ඒවායේ මිල ඉතා ඉහළ මට්ටමක පවතී. මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, උසස් තාක්ෂණයෙන් හා ආරක්ෂිත පහසුකම්වලින් යුත් ඇමරිකානු වාහන ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට ලබා ගැනීමට හැකි වනු ඇත.
කෙසේ වුවත්, ශ්‍රී ලංකා රජය මෙම යෝජනාවට එකවර අනුමැතිය ලබා දී නොමැත. සාකච්ඡාවලදී රජය ප්‍රකාශ කර ඇත්තේ, මෙම යෝජනාව පිළිබඳව පියවරෙන් පියවර සලකා බලන බවයි. එමෙන්ම, ඇමරිකානු තීරුබදු තවදුරටත් අඩු කර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අඛණ්ඩව උත්සාහ කරන බව රජය වැඩිදුරටත් පවසයි.
මෙහි දැක්වෙන මිල ගණන් ඇමරිකාවේ නිල මිල ගණන් වන අතර, ශ්‍රී ලංකාවේ මිල ගණන් තීරුබදු රහිතව ගණනය කළ ආසන්න අගයන් බව සඳහන් වේ. වාහනයේ මාදිලිය, අමතර විශේෂාංග, සහ විනිමය අනුපාත මත මිල ගණන් වෙනස් විය හැකිය.