"දෙහැවිරිදි ක්‍රිස්ටීන්ගේ සිට 82 හැවිරිදි රොබට් ඇතුළු ‘2,977ක් මරා දැමු අද වැනි දිනක සිදු වූ බිහිසුණු කතාව .

America New York Woshinton world economic center
By Sewvandhi Sep 11, 2021 02:58 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට විසි වසරක් සපිරෙනවා. 2001 වසරේ සැප්තැම්බරයේ 11 වැනි අඟහරුවාදා මරාගෙන මැරෙන ප්‍රහාරකයෝ එක්සත් ජනපදයේ මගී ප්‍රවාහන ජෙට් යානා තම ග්‍රහණයට ගෙන නිව්යෝර්ක් නුවර උසැති ගොඩනැගිලි දෙකක ගැටෙන්නට සලස්වනු ලැබුවා. ඇමරිකාවේ පමණක් නොව මුළු ලොවටම බලපෑ, ශතවර්ෂය තුළ සිදුවූ දරුණුතම සිද්ධියක් ලෙස එය තවමත් වාර්තාගතයි.

එම සිදුවීම බිබිසී වාර්තා කර තිබුණේ මෙලෙසයි.

‘එක්සත් ජනපදයේ නැගෙනහිර අහසේ පියාසර කෙරෙමින් තිබූ ගුවන් යානා හතරක් එකවර පැහැරගැනීමට ලක්විය. ඒ සඳහා ක්‍රියාත්මක වූයේ කුඩා කණ්ඩායමකි. නිව්යෝර්ක් සහ වොෂින්ටන් නුවර පිහිටි සුප්‍රසිද්ධ ගොඩනැගිලිවලට පහර දීම සඳහා මෙම යානා දැවැන්ත මිසයිලයන් ලෙස යොදා ගන්නා ලදී. නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳපොල, ද්විත්ව ගොඩනැගිල්ලට ගුවන් යානා දෙකක් ගැටීමට සැලැස්වුණි. පළමු යානය ගැටුණේ උතුරුදිග කුළුණට ය. ඒ උදෑසන 08;46ට ය. (ග්‍රිනිච් වේලාවෙන් 13:46) දෙවන යානය දකුණුදිග කුළුණෙහි ගැටුණේ උදෑසන 09:03ට ය.

"දෙහැවිරිදි ක්‍රිස්ටීන්ගේ සිට 82 හැවිරිදි රොබට් ඇතුළු ‘2,977ක් මරා දැමු අද වැනි දිනක සිදු වූ බිහිසුණු කතාව . | American Attack Twenty Years Ago

ගොඩනැගිල්ලට ගිනි ඇවිලිණි. ඉහළ මහල් තුළ සිටි මිනිසුන් කොටු විය. නගරය දුමෙන් වැසුණි. දෙපැයක් ගතවන්නට පෙර මහල් 110කින් සමන්විත ද්විත්ව ගොඩනැගිල්ල බිමට සමතලා වූයේ දැවැන්ත දූලි වලා ඇතිකරමිනි. උදෑසන 09:37ට තවත් ගුවන් යානයකින් පෙන්ටගනයේ බටහිර මුහුණත විනාශ කෙරුණි.

එක්සත් ජනපදයේ හමුදා මුලස්ථානය වූ මෙම දැවැන්ත ගොඩනැගිල්ල පිහිටියේ වොෂින්ටන් අගනුවරට නුදුරිනි. පැහැර ගැනීමට ලක්වූ හතරවැනි යානයේ සිටි මගීන් පැහැර ගත්තවුන්ට එරෙහිව යානය තුළදී ම සටන් වැදුනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම යානය පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිට්ටනියකට කඩා වැටුණි. එම යානය වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලේ ගැටීමට සැලැස්වීම පැහැරගත්තවුන් ගේ අරමුණ වී තිබුණු බවට විශ්වාස කෙරේ පුද්ගලයින් 2,977 දෙනෙකු (ප්‍රහාරකයන් 19 දෙනා හැර) ජීවිතක්ෂයට පත් විය. ඉන් වැඩි පිරිස මරණයට පත්වී තිබුණේ නිව්යෝර්ක් නුවර දී ය.

"දෙහැවිරිදි ක්‍රිස්ටීන්ගේ සිට 82 හැවිරිදි රොබට් ඇතුළු ‘2,977ක් මරා දැමු අද වැනි දිනක සිදු වූ බිහිසුණු කතාව . | American Attack Twenty Years Ago

දිවි අහිමි වූ ලාබාලම වින්දිතයා වූයේ දෙහැවිරිදි ක්‍රිස්ටීන් ලී හැන්සන් ය. ප්‍රහාරයට යොදා ගත් ගුවන් යානයක් තුළ සිටි ඇය මරණයට පත් වූයේ සිය දෙමාපියන් ද සමඟය. මරණයට පත් වූවන් අතර සිටි වයස්ගත ම පුද්ගලයා 82 හැවිරිදි රොබට් නෝටන් ය. ඔහු සිය බිරිඳ සමඟ ගුවන් යානයට ගොඩවී සිටියේ විවාහ මංගලෝත්සවයකට සහභාගී වීම සඳහා යාමට ය. පළමු ගුවන් යානය ද්විත්ව ගොඩනැගිල්ලෙහි ගැටෙන අවස්ථාවේ දී එම ගොඩනැගිල්ල තුළ 17,400 දෙනෙකු පමණ සිටි බවට ඇස්තමේන්තු කර තිබේ.

පළමු යානය ගැටුණු ස්ථානයට ඉහළින් පිහිටි මහල් තුළ සිටි කිසිවෙකුට දිවි බේරා ගැනීමට නොහැකි විය. නමුත් දෙවැනි යානය දකුණු කුලුනෙහි ගැටීමට පෙර එම යානය ගැටුණු ස්ථානයට ඉහළින් සිටි 18 දෙනෙකු එම ස්ථානයෙන් පහලට දිව යාමට සමත් විය. ජීවිතක්‍ෂයට පත්වූවන් අතර රටවල් 77කට අයත් පුරවැසියෝ වූහ. අනතුරට පත්වූවන් බේරාගැනීමේ කටයුතුවල නිරත වී සිටි සේවකයන් 441 දෙනෙකු නිව්යෝර්ක් නුවරට අහිමි විය. විෂ දුම් සහිත සුන්බුන් අතර රාජකාරි කරමින් සිටි ගිනි නිවන භටයන් ඇතුළු සහන සේවකයන් දහස් ගණනක් තුවාල ලැබීම හෝ පසුව රෝගාතුර වීම සිදු විය.’

"දෙහැවිරිදි ක්‍රිස්ටීන්ගේ සිට 82 හැවිරිදි රොබට් ඇතුළු ‘2,977ක් මරා දැමු අද වැනි දිනක සිදු වූ බිහිසුණු කතාව . | American Attack Twenty Years Ago

9/11 ප්‍රහාරය සිදුවී වසර 20 ක් ගත වෙද්දී, වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකාව ප්‍රමුඛ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගෙන තිබෙනවා. ඒ මහා මානව ඛේදවාචකයක් ද නිර්මාණය කරමිනි. තලේබාන් පාලනය ප්‍රතික්ෂේප කරමින් ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට උත්සාහ කළ ඇෆ්ගන් සිවිල් වැසියන් බහුතරය අසරණ කරමිනි. අද යළිත් වරක් ඇෆ්ගනිස්තානයේ බලය තලේබාන් සංවිධානය අතට පත් වී තිබෙනවා. 9/11 ප්‍රහාරයෙන් පසු තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ ඇමෙරිකාව, වසර 20 කට පසු ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ යළි තලේබාන්වරුන්ට ඇෆ්ගනිස්තානයේ පාලනය බාර දෙමිනුයි.

"දෙහැවිරිදි ක්‍රිස්ටීන්ගේ සිට 82 හැවිරිදි රොබට් ඇතුළු ‘2,977ක් මරා දැමු අද වැනි දිනක සිදු වූ බිහිසුණු කතාව . | American Attack Twenty Years Ago

"දෙහැවිරිදි ක්‍රිස්ටීන්ගේ සිට 82 හැවිරිදි රොබට් ඇතුළු ‘2,977ක් මරා දැමු අද වැනි දිනක සිදු වූ බිහිසුණු කතාව . | American Attack Twenty Years Ago

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now