අධික උණුසුමෙන් මිලියන 93ක ජනතාවට පීඩා..

United States of America Weather
By krishani Jul 15, 2023 03:04 AM GMT
krishani

krishani

Report

ඇමරිකාවේ පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිලියන 93ක ජනතාවට පීඩා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අනුව නිරිත දිග සිට වොෂින්ටන් ප්‍රාන්තය දක්වා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මෙම උණුසුම් කාලගුණ තත්වය ෆ්ලොරිඩා, ටෙක්සාස්, කැලිෆෝනියා වැනි ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර මෙම ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 43 ක් ලෙස සටහන් වේ.

කෙසේ වෙතත්, ඇමරිකානු ජාතික කාලගුණ සේවය අනතුරු අඟවන්නේ දිවා කාලයේ දී උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 ක් දක්වා ඉහළ යා හැකි බවයි.