ලෝකයම පිස්සු වැටෙයි - ඔන්න තවත් නැවක මගීන් ලෙඩ්ඩු වෙලා - ජීවිත මරණත් එක්ක නැවම ලොක්ඩවුන් කරයි

Report

බ්‍රිතාන්‍යයට අයත් Ambition නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 1,700කට අධික පිරිසක් අතරින් වයස්ගත මගියෙකු මිය යාමත්, තවත් පිරිසකට උදර ආබාධ ලක්ෂණ පෙනී යාමත් හේතුවෙන් ප්‍රංශ බලධාරීන් එම නෞකාව බෝර්ඩෝ වරායේදී අද (13) සීමා කර තිබේ.

කෙසේවෙතත්, මෙය හන්ටාවෛරස් ආසාදන සිද්ධිය සමඟ සම්බන්ධ නොවන බව සෞඛ්‍ය අංශ පවසයි. බ්‍

රිතාන්‍ය සහ අයර්ලන්ත මගීන් බහුතරයක් ඇතුළත් මගීන් 1,233 දෙනෙකු සහ ඉන්දීය කාර්ය මණ්ඩල සාමාජිකයින් 514 දෙනෙකු රැගත් මෙම නෞකාව අඟහරුවාදා බෝර්ඩෝ වෙත ළඟා වී ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි තැබෑරුම් වසා දමයි - රටම කළඹන හදිසි තීරණයට අත්සන මහ ඇමතිගෙන්

වහාම ක්‍රියාත්මක වන පරිදි තැබෑරුම් වසා දමයි - රටම කළඹන හදිසි තීරණයට අත්සන මහ ඇමතිගෙන්

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ පුද්ගලයන් 50කට ආසන්න පිරිසකට වමනය සහ අතීසාරය වැනි උදර ආබාධ ලක්ෂණ පෙනී ගොස් ඇති අතර, මූලික පරීක්ෂණවලින් වෛරස් ආසාදනයක් නොමැති බව තහවුරු වී ඇත.

කෙසේවෙතත්, ආහාර විෂවීමක් සම්බන්ධයෙන්ද තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙයි. මෙම නෞකාව ස්කොට්ලන්තයට උතුරින් පිහිටි ශෙට්ලන්ඩ් දූපත් වලින් ගමන් ආරම්භ කර බෙල්ෆාස්ට් සහ ලිවර්පූල් හරහා ප්‍රංශයට පැමිණ තිබුණි.

බෝර්ඩෝ වරායේදී නෞකාව වටා විශේෂ ආරක්ෂක ක්‍රියාමාර්ග නොතිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටවල් රැසක් කැළඹෙයි - පැතිරෙන විදිහ වෙනස් වීමත් එක්ක ලක්ෂණ මතු වෙන්න දින 42ක් යන හැන්ටා වෛරසයේ අතිශය භයානක ප්‍රභේදයක්

රටවල් රැසක් කැළඹෙයි - පැතිරෙන විදිහ වෙනස් වීමත් එක්ක ලක්ෂණ මතු වෙන්න දින 42ක් යන හැන්ටා වෛරසයේ අතිශය භයානක ප්‍රභේදයක්