රුපියල් ලක්ෂ 5 ඉක්මවන ගනුදෙනු ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්දැඩි අනතුරු ඇඟවීමක්

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) අනතුරු අඟවා ඇත්තේ, රුපියල් 500,000 ඉක්මවන මුදල් ගනුදෙනු (Cash Transactions) සිදු කිරීමේදී, විශේෂයෙන් ඉඩම්, දේපළ සහ වාහන මිලදී ගැනීම් හා විකිණීම්වලදී, පවතින බදු නීති යටතේ ඉහළ බදු වගකීම් ඇති විය හැකි බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, රුපියල් 500,000 ඉක්මවන ව්‍යාපාරික වියදම් නියමිත ගෙවීම් ක්‍රමවේදයන්ට අනුකූල නොවී මුදලින් ගෙවනු ලබන්නේ නම්, බදු අය කළ හැකි ආදායම ගණනය කිරීමේදී එම වියදම් බදු අඩු කළ හැකි වියදම් (Deductible Expenses) ලෙස පිළිගනු නොලබන බවයි.

උදාහරණයක් ලෙස, යම් ව්‍යාපාරයක් රුපියල් මිලියනයක වියදමක් මුදලින් ගෙවන්නේ නම්, අදාළ නීතිමය අවශ්‍යතා සපුරා නොමැති අවස්ථාවක එම වියදම බදු අඩු කිරීමක් සඳහා පිළිගනු නොලැබිය හැකිය.

එමගින් ව්‍යාපාරයේ බදු අය කළ හැකි ලාභය රුපියල් මිලියනයකින් ඉහළ යයි. ඒ අනුව, 30%ක ආයතනික ආදායම් බදු අනුපාතයට යටත් වන ව්‍යාපාරයකට රුපියල් 300,000ක අමතර බදු වගකීමක් ඇති විය හැකිය.

දඩ මුදල්වලට යටත් වෙන්න එපා- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හදිසි සිහිකැඳවීමක්

දඩ මුදල්වලට යටත් වෙන්න එපා- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හදිසි සිහිකැඳවීමක්

මෙම සීමාවන් දේපළ ගනුදෙනු සඳහා ද බලපාන අතර, විශේෂයෙන් ඉඩම් විකිණීමෙන් ලැබෙන බදු අය කළ හැකි ප්‍රාග්ධන ලාභය ගණනය කිරීමේදී අදාළ විය හැකි බව නිලධාරියා වැඩිදුරටත් පැහැදිලි කළේය.

උදාහරණයක් ලෙස, පුද්ගලයෙකු රුපියල් මිලියන 9කට ඉඩමක් මිලදී ගෙන පසුව එය රුපියල් මිලියන 10කට විකුණන්නේ නම්, සාමාන්‍යයෙන් බදු අය කළ හැකි ලාභය රුපියල් මිලියනයක් වේ.

කෙසේ වෙතත්, මුල් මිලදී ගැනීම නියමිත ගෙවීම් ක්‍රමවේදයන්ට පටහැනිව මුදලින් සිදු කර ඇත්නම්, රුපියල් මිලියන 9ක අත්පත් කර ගැනීමේ පිරිවැය බදු ගණනය කිරීමේදී පිළිගනු නොලැබිය හැකිය.

එවැනි අවස්ථාවකදී, සැබෑ ලාභය වන රුපියල් මිලියනය වෙනුවට, විකුණුම් මිල වන සම්පූර්ණ රුපියල් මිලියන 10ම බදු අය කළ හැකි ලාභය ලෙස සැලකීමට ඉඩ ඇති බව නිලධාරියා පෙන්වා දුන්නේය.

විධිමත් බැංකු හා මූල්‍ය ක්‍රමවේදයන් ඔස්සේ ගනුදෙනු සිදු කිරීම දිරිමත් කිරීම, මූල්‍ය ගනුදෙනුවල විනිවිදභාවය ඉහළ නැංවීම සහ බදු පද්ධතියෙන් බැහැරව සිදුවන මූල්‍ය ක්‍රියාකාරකම් නියාමනය කිරීම මෙම සීමාවන් පැනවීමේ ප්‍රධාන අරමුණු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි

සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි