කුඩා ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න අයට සුබ ආරංචියක් - සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නංවන්න ADBයෙන් ඩොලර් මිලියන 200ක ණයක්

Report

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) පියවර ගෙන තිබෙනවා.

මෙරට එම ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීම, ණය තොරතුරු පද්ධතිවල පවතින අඩුපාඩු අවම කිරීම සහ ආර්ථික හා දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම මෙම ණය වැඩසටහනේ ප්‍රධාන අරමුණු බවයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරන්නේ.

අනුමත කළ ණය මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 100ක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වඩාත් හිතකර මූල්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

ඉතිරි ඩොලර් මිලියන 100 එම ව්‍යාපාර සඳහා ආයෝජන ණය පහසුකම් පුළුල් කිරීමට යොදා ගැනීමට නියමිතයි. එම මුදලින් ඩොලර් මිලියන 40ක් පරිසර හිතකාමී ආයෝජන සඳහා ලබාදෙන හරිත ණය පහසුකම් වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

රන් උකස් ණයට 70% සීමාවක් - බැංකු සහ ගනුදෙනුකරුවන් ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

රන් උකස් ණයට 70% සීමාවක් - බැංකු සහ ගනුදෙනුකරුවන් ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයෙන් සියයට 52කට වැඩි දායකත්වයක් ලැබෙන බවයි. එමෙන්ම මෙරට සමස්ත රැකියා නියුක්තියෙන් සියයට 45ක් නියෝජනය කරන්නේ ද එම ව්‍යාපාර අංශයයි.

කෙසේ වෙතත්, මූල්‍ය පහසුකම් ලබාගැනීමේ දුෂ්කරතා, ඩිජිටල් තාක්ෂණය භාවිතයේ පවතින සීමාවන් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන ආපදා ඇතුළු අභියෝග රැසකට එම ව්‍යාපාර මුහුණදෙන බව ද එම බැංකුව පෙන්වා දෙනවා.

මෙම වැඩසටහන යටතේ මූල්‍ය සේවා ඩිජිටල්කරණය කිරීම, ණය තොරතුරු පද්ධති ශක්තිමත් කිරීම, ණය ඇපකර පහසුකම් වැඩිදියුණු කිරීම සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා ද පියවර ගැනීමට නියමිතයි.

මීට අමතරව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණවලට සහාය ලබාදීම මෙන්ම අසාධාරණ ණය ලබාදීමේ ක්‍රමවේද අවම කිරීම ද මෙම වැඩසටහනට ඇතුළත් වනවා.

නොවැම්බර් 30 වැනිදා පාසල් වැසෙයිද? - අයවැයට එරෙහිව ගුරුවරු වෘත්තීය සමිති කළු විරෝධතාවක

නොවැම්බර් 30 වැනිදා පාසල් වැසෙයිද? - අයවැයට එරෙහිව ගුරුවරු වෘත්තීය සමිති කළු විරෝධතාවක

විශේෂයෙන් කාන්තා ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව මෙම වැඩසටහන යටතේ සහාය ලබන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අතරින් අවම වශයෙන් සියයට 20ක් කාන්තාවන් සතු හෝ කාන්තාවන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර විය යුතු බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරනවා.

එමෙන්ම පරිසර හිතකාමී ආයෝජන සඳහා ණය පහසුකම් පුළුල් කිරීම තුළින් දේශගුණික විපර්යාසවල බලපෑම්වලට මුහුණදීමට ව්‍යාපාරවලට සහාය ලබාදීමට ද අපේක්ෂා කෙරෙනවා.

වර්ධන අවධියේ පවතින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කොටස් ප්‍රාග්ධන මූල්‍යකරණයට ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් කරන නව මූල්‍යකරණ ක්‍රමවේද සඳහා ද මෙම වැඩසටහන යටතේ සහාය ලබාදීමට නියමිතයි.

ගුරුවරුන්ගේ ජීවන වියදම් දීමනා සහ අතිරේක වැටුප් වැඩිවීම් ගැන දැනුම්දීමක් - සංගමයෙන් කළ ඉල්ලීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිළිතුරු

ගුරුවරුන්ගේ ජීවන වියදම් දීමනා සහ අතිරේක වැටුප් වැඩිවීම් ගැන දැනුම්දීමක් - සංගමයෙන් කළ ඉල්ලීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිළිතුරු