වීසා නැතිව තායිලන්තයට යන්න අවස්ථාව - විජිත හේරත් පාර්ලිමෙතුවේදී කළ හෙළිදරව්ව මෙන්න
තායිලන්තයේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ට දින 30ක කාලයක් වීසා ලබාගැනීමකින් තොරව එරටට ඇතුළුවීමේ පහසුකම ලබන 2027 ජනවාරි මැද භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබේ .
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ .
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 30කට ලබාදී තිබූ වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීමේ පහසුකම අත්හිටුවීමට තායිලන්ත රජය මීට පෙර තීරණය කර තිබූ බවයි එම තීරණයෙන් අනතුරුව දෙරට අතර පැවැති සාකච්ඡා වට කිහිපයක ප්‍රතිඵලයක් ලෙස නව වීසා රහිත ප්‍රවේශ ගිවිසුමකට එළඹීමට හැකි වී ඇත
ඒ අනුව ශ්‍රී ලාංකික සංචාරකයින්ට දින 30ක කාලයක් වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීමේ පහසුකම ලබාදීමට අදාළ ගිවිසුම ඊයේ (22) අත්සන් කළ බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි
ඒ වගේම අමාත්‍යවරයා සදහන් කළේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟම මෙම පහසුකම ක්‍රියාත්මක නොවන අතර, ඒ සඳහා තවත් දින 60ක පමණ කාලයක් අවශ්‍ය වන බවයි .
තවද 2027 ජනවාරි මැද භාගයේ සිට ශ්‍රී ලාංකික සංචාරකයින්ට දින 30ක වීසා රහිත ප්‍රවේශ පහසුකම හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නමුත් වීසා රහිත ප්‍රවේශ පහසුකම ක්‍රියාත්මක වන නිශ්චිත දිනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත මේ හේතුව නිසා එතෙක් තායිලන්තයට සංචාරය කරන ශ්‍රී ලාංකිකයින් දැනට බලපැවැත්වෙන වීසා නීති හා ක්‍රියාපටිපාටිය අනුව කටයුතු කළ යුතුය