පවතින කාලගුණික තත්ත්වය මත මේ ප්‍රදේශයේ ජල පිරිපහදුව අත්හිටුවයි
වලවේ ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටීම සහ ගංගා පතුලේ ජලය කළු පැහැ වී අපවිත්‍ර වීම හේතුවෙන් අම්බලන්තොට ජල පවිත්‍රාගාරයේ පානීය ජල පිරිපහදු කටයුතු අද (23) පස්වරුවේ සිට තාවකාලිකව අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.
වලවේ ගඟේ ඉහළ පෝෂිත ප්‍රදේශවලට මාස කිහිපයකින් ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් ගඟේ ජල ප්‍රවාහය අවම මට්ටමකට වැටී ඇති අතර, ජල පවිත්‍රාගාරය ආශ්රිත ඉහළ සහ පහළ කොටස්වල ජලය පිරිපහදු කිරීමට නොහැකි ලෙස කළු පැහැ වී ඇත.
මේ හේතුවෙන් අම්බලන්තොට, මිරිජ්ජවිල, හුංගම, නෝනගම, බටඅත, අඟුණකොළපැලැස්ස සහ බරවකුඹුක යන ප්‍රදේශවලට සැපයෙන පානීය ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට හෝ සීමා කිරීමට සිදු වූ බව හම්බන්තොට ප්‍රාදේශීය ඉංජිනේරු ජගත් ස්වර්ණතිලක මහතා තහවුරු කළේය.
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ වැසි ලැබෙන තෙක් පානීය ජලය ඉතා පරෙස්සමෙන් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙස බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.