කළමනාකරණ සේවා නිලධාරීන්ට 2027දී ස්ථාන මාරු - අලුත් චක්‍රලේඛයක් නිකුත් වෙයි
කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා 2027 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 18/2026 මගින් දැනුම් දී ඇත්තේ අදාළ ස්ථාන මාරු 2027 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
ඒ අනුව, ප්‍රියමනාප සේවා ස්ථානයක වසර 05ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරීන් අනිවාර්ය ස්ථාන මාරුවකට යටත් වන අතර, වෙනත් සේවා ස්ථානයක වසර 02ක සේවා කාලයක් සම්පූර්ණ කළ නිලධාරීන්ටද වාර්ෂික ස්ථාන මාරු සඳහා සුදුසුකම් හිමි වේ. මාර්ගගතව අයදුම් කළ යුතුයි.'
2027 වාර්ෂික ස්ථාන මාරු සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ යුතු අතර, ඒ සඳහා අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති MISCO පද්ධතිය භාවිත කළ යුතු බව චක්‍රලේඛයේ සඳහන් වේ.
නිලධාරීන්ගේ මූලික තොරතුරු මෙන්ම පෙර සේවා ස්ථාන පිළිබඳ තොරතුරුද නිවැරදිව යාවත්කාලීන කිරීම අනිවාර්ය බව දැනුම් දී තිබේ. එමෙන්ම 2026 අගෝස්තු 25 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ අසමත්‍ය ස්ථාන මාරු සඳහා ඉල්ලුම්පත් භාර නොගන්නා ලෙසද චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.
අභියාචනා සඳහා දින 14ක කාලයක් වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අභියාචනා නියමිත කාලසීමාව තුළ ඉදිරිපත් කළ යුතු බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
ස්ථාන මාරු නියෝගයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නම්, එම නියෝගය නිලධාරියා වෙත ලබාදුන් දිනයේ සිට දින 14ක් ඇතුළත එය ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව, 2027 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදය යටතේ නිලධාරීන්ගේ සේවා කාලය, සේවා ස්ථානය සහ ස්ථාන මාරු ඉල්ලීම් ඇතුළු කරුණු සලකා බලා ස්ථාන මාරු සිදු කිරීමට නියමිතය.