පුද්ගලයෙකුට වෙඩි තබා කපා කොටා ඝාතනය කෙරූ මාමඩල සැකකරුවෝ රිමාන්ඩ්

Report

අම්බලන්තොට, මාමඩල, මොකුටු යාය ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් වයි.ආර්.බී. නෙළුම්දෙනිය මහතා අද (2026 මැයි 14) නියෝග කළේය.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජේ.වී.පී සාමාජිකයන් හිඟන්නන් පිරිසක් නෙමේ වත්කම් ගැටලු තියෙන්නේ විපක්ෂයට විතරයි ඇමති හර්ෂණගෙන් බරපතල චෝදනා

ජේ.වී.පී සාමාජිකයන් හිඟන්නන් පිරිසක් නෙමේ වත්කම් ගැටලු තියෙන්නේ විපක්ෂයට විතරයි ඇමති හර්ෂණගෙන් බරපතල චෝදනා

අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මුහුණු ආවරණය කරන ලද සැකකරුවන් දෙදෙනා දැඩි පොලිස් රැකවල් මධ්‍යයේ අද පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

ආරක්ෂක හේතූන් මත පැය දෙකකට අධික කාලයක් පොලිස් ජීප් රථය තුළම රඳවාගෙන සිටි සැකකරුවන් පස්වරු 1.20ට පමණ මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවනු ලැබීය.

කර්කස්වෝල් වතුයායේ දරුණු බඹර ප්‍රහාරයක් - පිරිසක් රෝහලට

කර්කස්වෝල් වතුයායේ දරුණු බඹර ප්‍රහාරයක් - පිරිසක් රෝහලට

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔවුන් එළඹෙන 21 වනදා දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර, නඩු වාරය අවසන් වීමෙන් පසු පොලිස් ආරක්ෂාව යටතේම ඔවුන් බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී.