කර්කස්වෝල් වතුයායේ දරුණු බඹර ප්‍රහාරයක් - පිරිසක් රෝහලට

Report

බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වෝල් (Kirkoswald) වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (2026 මැයි 14) එල්ල වූ බඹර ප්‍රහාරයකින් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ කාන්තාවන් වහාම බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔවුන් එහි ප්‍රතිකාර ලබමින් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජේ.වී.පී සාමාජිකයන් හිඟන්නන් පිරිසක් නෙමේ වත්කම් ගැටලු තියෙන්නේ විපක්ෂයට විතරයි ඇමති හර්ෂණගෙන් බරපතල චෝදනා

ජේ.වී.පී සාමාජිකයන් හිඟන්නන් පිරිසක් නෙමේ වත්කම් ගැටලු තියෙන්නේ විපක්ෂයට විතරයි ඇමති හර්ෂණගෙන් බරපතල චෝදනා

වතුයායේ ඉහළ කොටසේ පිහිටි ගසක බැඳ තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහර දී එය කඩාගෙන යාමට උත්සාහ කිරීමත් සමඟ බඹරුන් ඇවිස්සී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව තුවාල ලැබූවන් ප්‍රකාශ කර ඇත.

උකුස්සාගේ පහරදීමෙන් විසිරී ගිය බඹරුන් අසල තේ වත්තේ වැඩ කරමින් සිටි කම්කරුවන් වෙත කඩා වැදී ඇති අතර, මේ හේතුවෙන් වතුයායේ දෛනික වැඩකටයුතුවලට ද තාවකාලිකව බාධා එල්ල විය.

ලක්ෂ ගණන් වංචා කරපු ආගමන විගමන තාක්ෂණ ලොක්කට වැඩ වරදී

ලක්ෂ ගණන් වංචා කරපු ආගමන විගමන තාක්ෂණ ලොක්කට වැඩ වරදී

ප්‍රදේශයේ පවතින සුළං සහිත කාලගුණයත් සමඟ මෙලෙස වන සතුන්ගේ බලපෑම මත බඹරුන් ඇවිස්සීමේ අවදානමක් පවතින බැවින් වතු කම්කරුවන්ට විමසිලිමත් වන ලෙස බලධාරීහු දැනුම් දෙති.