විශේෂ රථවාහන සැලැස්මක් - හෙට සහ අනිද්දා දහවල් 1 සිට රාත්‍රී 8 දක්වා

Report

අම්බලන්ගොඩ මෝදර දේවාලයේ වාර්ෂික පෙරහර වීථි සංචාරය කිරීම නිමිත්තෙන් 2026 ඔක්තෝබර් 01 සහ 02 යන දෙදින තුළ අම්බලන්ගොඩ පොලිස් වසම ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන්නේ ඔක්තෝබර් 01 වන දින දහවල් 01.00 සිට රාත්‍රී 08.00 දක්වා සහ ඔක්තෝබර් 02 වන දින රාත්‍රී 09.00 සිට පසුදා අලුයම 03.00 දක්වා පෙරහර වීථි සංචාරය කෙරෙන බවයි.

ගුවන් යානයේ නියමුවන් දෙදෙනා ගහගෙන - ගුවන් යානයෙන් හදිසි සංඥාවක් නිකුත් වෙලා - විනාඩි ගාණකින් බිමට ගිය ගුවන් යානය

ගුවන් යානයේ නියමුවන් දෙදෙනා ගහගෙන - ගුවන් යානයෙන් හදිසි සංඥාවක් නිකුත් වෙලා - විනාඩි ගාණකින් බිමට ගිය ගුවන් යානය

පෙරහර මෝදර දේවාලයෙන් ආරම්භ වී දේවාල මාර්ගය ඔස්සේ හිරේවත්ත බුදු පිළිමය තෙක් ගමන් කර, අම්බලන්ගොඩ පාර මහා වීදිය ඔස්සේ සිරිකත වටරවුම දක්වා ගමන් කිරීමට නියමිතයි.

අනතුරුව ගාලු–කොළඹ ප්‍රධාන මාර්ගයේ ගාල්ල දෙසට ගමන් කර ඌරවත්ත පාලම අසලින් දේවාල මාර්ගය ඔස්සේ යළි දේවාලය වෙත පිවිසෙයි.

පොලිසිය දැනුම් දෙන්නේ පෙරහර ගමන් ගන්නා කාලසීමාව තුළ කොළඹ–ගාල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කෙරෙන අතර රියදුරන් සඳහා පහත විකල්ප මාර්ග භාවිත කළ හැකි බවයි.

WhatsApp අලුත් වෙයි - WhatsApp භාවිතා කරන්නන්ට සුභ ආරංචියක්

WhatsApp අලුත් වෙයි - WhatsApp භාවිතා කරන්නන්ට සුභ ආරංචියක්

ඒ අනුව එම විකල්ප මාර්ග ලෙස,

කොළඹ සිට ගාල්ල දෙසට (බර වාහන හැර): සංඝරාජ විහාරය අසලින් කැපූ ඇල හන්දිය > වතුගෙදර හන්දිය > පොල්වත්ත හන්දිය > පොල්ලැව්ව හන්දියෙන් බටපොල හරහා කහව මංසන්ධියෙන් ප්‍රධාන මාර්ගය

ගාල්ල සිට කොළඹ දෙසට (බර වාහන හැර): කහව බටපොල මංසන්ධියෙන් ඇතුළු වී > මිටියාගොඩ හන්දිය > පොල්ලැව්ව හන්දිය > පොල්වත්ත හන්දිය හරහා වතුගෙදර මාර්ගය ඔස්සේ කැපූ ඇල හන්දියෙන් සංඝරාජ විහාරය අසලින් ප්‍රධාන මාර්ගයට හෝ වතුගෙදර ශ්‍රීපති විදුහල අසලින් බේරතුඩුව හන්දියට පැමිණ ප්‍රධාන මාර්ගය

මෙම විකල්ප මාර්ග පටු මාර්ග වන බැවින් රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකි සෑම විටම දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.