ගුවන් යානයේ නියමුවන් දෙදෙනා ගහගෙන - ගුවන් යානයෙන් හදිසි සංඥාවක් නිකුත් වෙලා - විනාඩි ගාණකින් බිමට ගිය ගුවන් යානය

Report

ඩුබායි සිට ටෙල් අවීව් බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි ගුවන් යානයක් නියමුවන් දෙදෙනෙකු අතර ඇති වූ බව කියන ගැටුමක් හේතුවෙන් හදිසියේ සෞදි අරාබියට හරවා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානය තුළ නියමුවන් දෙදෙනෙකු අතර “ප්‍රචණ්ඩ සිදුවීමක්” සිදුව ඇති බවත් ගුවන් ගමන් නිරීක්ෂණ දත්ත අනුව, ගුවන් යානය අඩි 34,000ක උසක සිට විනාඩි දෙකක් වැනි කෙටි කාලයක් තුළ අඩි 16,600ක් පමණ දක්වා අඩි 17,400කින් පහළ බැස ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.

කෘත්‍රිම බුද්ධිය මනුස්ස සංහතියටම අවදානමක්? AI තාක්ෂණය මිනිස් පාලනයෙන් ඔබ්බට

කෘත්‍රිම බුද්ධිය මනුස්ස සංහතියටම අවදානමක්? AI තාක්ෂණය මිනිස් පාලනයෙන් ඔබ්බට

අනතුරුව ගුවන් යානයෙන් හදිසි සංඥාවක් නිකුත් කර ඇති බවත් තොරතුරු හෙළි වේ. කෙසේ වෙතත්, මෙය ගුවන් යානා පැහැරගැනීමක් නොවන බව ඊශ්‍රායල බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර, ගුවන් යානය තුළ සේවකයින් අතර සිදුවූ අභ්‍යන්තර සිදුවීමක් බවට තොරතුරු ලැබී ඇති බව ඔවුන් පවසයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සිද්ධියත් සමග ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ආරක්ෂක සාකච්ඡාවක්ද පවත්වා ඇති බවයි.

රාජ්‍ය ආයතන 306ක් සඳහා වලංගු වන - HNB බැංකුවෙන් අලුත්ම වැඩක්

රාජ්‍ය ආයතන 306ක් සඳහා වලංගු වන - HNB බැංකුවෙන් අලුත්ම වැඩක්

එමෙන්ම, හදිසි සංඥාව නිකුත් කිරීමෙන් පසු ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ප්‍රහාරක ගුවන් යානාද ගුවන්ගත කර ඇති බව IDF ප්‍රකාශකයෙකු CNN වෙත සඳහන් කර ඇත.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ අදාළ ගුවන් යානය ඉදිරි කෙටි වේලාව තුළ සෞදි අරාබියට ගොඩබෑමට නියමිත බවයි.