දේවාල භූමියේ ඇද වැටී මියගිය පුද්ගලයා ට කොවිඩ් (CCTV VIDEO)

covid19 infections quarantine ambalangoda modhara
By Sithumi Jul 09, 2021 11:19 AM GMT
Sithumi

Sithumi

Report

අම්බලන්ගොඩ මෝදර දේවාල භූමිය තුළ ඇද වැටී මියගිය පුද්ගලයා ට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. පසුගිය 7 වන දා උදෑසන දේවාලය වෙත පැමිණි පුද්ගලයෙකු දේවාලයට ඇතුළු වන අතර පසුව එහිදී ඔහු ඇදවැටී ඇත.

පසුව හෙළි වී ඇත්තේ, ඔහු මියගොස් ඇති බවය. දේහය සම්බන්ධයෙන් බලපිටිය මූලික රෝහලේදී සිදුකෙරුණු පී.සී.ආර්.පරීක්ෂණයෙන් අනතුරුව ඔහුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

එලෙස මියගොස් තිබුණේ හික්කඩුව මලවැන්න ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.

එම පුද්ගලයා දේවාල භූමියේ ඇද වැටෙන අයුරු CCTV කැමරාවක මෙලෙස සනිටුහන් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now