ගුරු සිහිනයට සුබ ආරංචියක් - තවත් උපාධිධාරී ගුරුවරුන් 700ක් පත් කරන්න අනුමැතිය..
Sri Lanka
By krishani
තවත් උපාධිධාරී ගුරුවරුන් 700කට නැඟෙනහිර පළාතේ පත්වීම් ලබාදීමට අනුමැතිය ලැබී ඇත.
ඒ එම පළාතේ දැනට පවතින ගුරු හිඟයට පිළියමක් ලෙසයි.
ඊයේ (25) නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අත්සන් තබා ඇති බව සඳහන් වේ.
මේ අතර පසුගියදා නැගෙනහිර පළාතේ ගුරු පත්වීම් 633ක් ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත්, මේ වනවිට උපාධිධාරී ගුරුවරුන් 700කට නව පත්වීම් සඳහා අවසර ලබා දී ඇති බව වාර්තා වේ.
