බලාගෙනම හිටිය, වැඩි කළ දීමනාව ලැබෙන කාලය ගැන ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ මෙම සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබාදෙන දීමනාව රුපියල් 2,500කින් ඉහළ නංවන බවයි.
ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ, මඩකලපුව ප්‍රදේශයේ තරුණ පිරිස් හමු වූ අවස්ථාවේ දී ය.
සිය නැගෙනහිර සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයට පැමිණියේ ය.
එහිදී පාසල් හැරගිය සහ රැකියා විරහිත තරුණ තරුණියන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට ද එක් වීය.
කෙසේ වෙතත්, එහිදී ඔවුන් සිය ගැටලු සියල්ල ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේ ය.