ලෝකෙම අවධානය දිනාගත් ''ඩොනල්ඩ් ට්‍රම්ප් '' නම් හදුන්වන ඇලි ගවයාට අභය දානය හිමිවෙයි
ලොව පුරා අවධානයට ලක්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් නම් අනුවර්ථන නාමයෙන් හැඳින්වූ බංග්ලාදේශයේ ඇලි ගවයාට අභයදානය හිමිව ඇත.
මෙම ඇලි ගවයා ඊද් උත්සවයට සමගාමිව බිලිදීමට සැලසුම් කර තිබුණත් අවසාන මොහොතේදී එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත්ව ගවයා බේරාගෙන ඇති බව වාර්තා වේ.
එමෙන්ම අභයදානය හිමිවූ මෙම ඇලි ගවයා ඩකාහි ජාතික සත්ත්වෝද්‍යානයට යොමුකරන ලෙසට උපදසේ ලබාදී ඇත
හිමිකරු වන 38 හැවිරිදි සියා උද්දින් මිරිධා මහතා පැවසුවේ තම සහෝදරයා කිලෝග්‍රෑම් 700 ක් බරැති ගොනාට එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ අත්සන පෙනුමට සමාන හිසකෙස් සහිත ගලා යන හිස්වැස්මක් මත නම් කළ බවයි.
"මගේ බාල සහෝදරයා මෙම නම තෝරා ගත්තේ මී හරකාගේ අසාමාන්‍ය හිසකෙස් නිසා" ඔහු ඩකා අගනුවරට ආසන්නයේ පිහිටි නාරායන්ගන්ජ් හි ඔහුගේ ගොවිපලේදී පැවසීය.
මෙම ඇලි ගවයාට පටබැඳුණු ඩොනල්ඩ් ට්‍රම්ප් නම් අන්වර්ථ නාමය හේතුවෙන් එම සත්වයාට ජීවත්වීමට වාසනාව උදා වු බව සදහන්ය.