මාතර සමුපකාර බැංකු සංගමයේ කෝටි 27ක් මූල්‍ය වංචාවේ සැකකරු යළි රිමාන්ඩ්
මාතර දිස්ත්‍රික් සමුපකාර ග්‍රාමීය බැංකු සංගමය ඇතුළු සමුපකාර සමිති ගණනාවක සභාපති ධුර දරමින් රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සිදුකළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි චමින්ද ප්‍රසංග ගුණසේකර නමැත්තා ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (24) නියෝග කර තිබෙනවා.
සැකකරු අද (24) දින අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. ලංකා බැංකුවේ මාතර අධි ශ්‍රේණිය ශාඛාවේ පවත්වාගෙන ගිය 0082689944 දරන මාතර දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගමයට අයත් ගිණුමට 2025.05.02 දින ලැබුණු රුපියල් කෝටි 30 ක මුදලින්, රුපියල් විසිහත්කෝටි පනස් ලක්ෂයක (රු. 275,000,000.00) මුදලක් 562194 දරන චෙක්පත මගින් අනීතික ලෙස හුවමාරු කිරීම මොහුට ඇති ප්‍රධාන චෝදනාවයි.
සයිබර් අපරාධකරුවන් මුදල් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ක්‍රියාත්මකයි – ඇමති ක්‍රිශාන්ත අබේසේන
මෙම මුදල මාතර දිස්ත්‍රික් සමුපකාර රෝහල් සමිතියට අයත් 74030813 දරන ගිණුමට බැර කර ඇති අතර, අදාළ ගනුදෙනුව සිදුවන කාලසීමාව තුළ සැකකරු එම රෝහල් සමිතියේ ද සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.
දැනට පවතින විමර්ශනවලට අනුව එම මුදල් මේ වන විට අස්ථානගත වී ඇති බව ද අනාවරණය වී තිබෙන බව සඳහන්. 1982 අංක 12 දරන පොදු දේපළ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබනවා.