සත්වෝද්‍යානයේ කොවිඩ් පාලනය ගැන චෝදනාවක්
දෙහිවල සත්වෝද්‍යානයේ කොරෝනා රෝග පාලනයේදී, පාලනාධිකාරිය, පශු වෛද්‍යවරුන්ගේ නිර්දේශ පිළිනොගන්නා බවට , රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා..
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ,
ඉන් සතුන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇති බවයි. සත්ත්ව සාම්පල පරික්ෂාව සඳහා මෙරට පවතින සුදුසුම ආයතනය පේරාදෙනිය පශු වෛද්‍ය පීඨය බව ඔවුන් පෙන්වා දෙනවා.
එහෙත්, සත්වෝද්‍යාන පාලනාධිකාරිය, එම ආයතනයට සත්ත්ව සාම්පල යොමු නොකර, විදේශීය සහාය ලබාගන්නා බවට රජයේ පශු වෛද්‍යවරුන් චෝදනා කළා. ඉන් සිදුවන්නේ සතුන් රැසක් ආසාදිතයින් බවට පත්වීමයි.
ඒ හේතුවෙන් වෛද්‍ය නිර්දේශ ලබා ගනිමින් වහාම එම තත්ත්වය වැළැක්වීමට පියවර ගන්නැයි, රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විෂයභාර අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.
කොරෝනා ආසාදිත තෝර් නමැති සිංහයාගේ ධේනුවට ද මේ වන විට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඉදිරියේදී එය අනෙක් සතුන් අතර ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
