පලා ගිය සියලු රැඳවියන් යළිත් අත්අඩංගුවට..
Sri Lanka Police
Sri Lanka
By krishani
බදුල්ල තල්දෙන තරුණ විශෝධන මධ්‍යස්ථානයෙන් පළා ගිය රැඳවියන් 9 දෙනාගෙන් ඉතිරිව සිටි තිදෙනාත් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.
ඒ අද (18) අලුයම බන්ධනාගාර නිලධාරීන් විසින් කඳවුර අවට ඇති රක්ෂිත වනාන්තරයේ සැගවි සිටිය දි ඉතිරිව සිටි තිදෙනා ද අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේවෙතත්, මේ වන විට පැනගිය රැඳවියන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |