සියලුම සේවකයින්ට ඔක්තෝබර් 15 සිට මේ දේ අනිවාර්යය කරයි.....

Sri Lanka Italian Government and private servant
By Aruna Sep 17, 2021 10:24 AM GMT
Aruna

Aruna

Report

ඔක්තෝබර් 15 සිට ක්‍රියාත්මක අලුත් නියෝගය ඉතාලියේ සියලු අංශවල වෘත්තිකයන් සේවා ස්ථාන වෙත වාර්තා කිරීමේ දී කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂිත බවට වන ග්‍රීන් කාඩ්පතක් ඉදිරිපත් කිරීම අනිවාර්යය කර තිබේ.

කොවිඩ් මර්දන එන්නත්කරණ කාඩ්පත සහ වෛරසය ආසාදනය වී නොමැති බවට වන සහතිකයක් හෝ ආසාදිතව සිට සුවය ලැබූ බවට වන ලියවිල්ලක් රාජකාරියට වාර්තා කිරීමේ දී අනිවාර්යය කිරීමට ඉතාලි රජය තීරණය කර ඇත.

සියලුම සේවකයින් සඳහා එම නියෝගය ලබන ඔක්තෝබර් මස 15 වනදා සිට ක්‍රියාවට නැංවීමට නියමිත වේ වලංගු සෞඛ්‍ය බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන ඕනෑම වෘත්තිකයෙකුගේ සේවය ගෙවීමකින් තොරව අත්හිටුවීමක් සිදුකරන නමුත්, එම නියෝගයේ කෙටුම්පතට අනුව සේවයෙන් පහකිරීමක් සිදු නොවන බව වාර්තා වේ.

එම නියෝගය නොසලකා හැර රැකියාවට යන පුද්ගලයින්ට යුරෝ 600 සිට 1500 දක්වා දඩයකට මුහුණ දීමටද සිදුවේ.

එවැනි නියෝගයක් ප්‍රකාශයට පත්කළ පළමු යුරෝපා රට බවට ඉතාලිය පත්වන අතර එමගින් එන්නත්කරණ වැඩපිළි‍වෙල ශක්තිමත් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now