ස්වාධීන වූ මන්ත්‍රීන්ගෙන් ජනපතිට හදිසියේම ලිපියක්...
සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවලියක් පසුගියදා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරු විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබුණි. ඔවුන් එමගින් පෙන්වා දී ඇත්තේ මහජන අසහනය දුරුකර ජන ජීවිතය යථා තත්ත්වයට පත්කර තමන් කැමති ආණ්ඩුවක් පත්කර ගැනීමේ අවස්ථාව ජනතාවට ලබාදීම සඳහා පරිසරය නිර්මාණය කළ යුතු බවය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආණ්ඩුවට සහාය දැක්වූ පක්ෂ දහය වෙනුවෙන් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා සහ විජයදාස රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට අත්සන් තබා තිබේ. මේ මොහාතේ වහාම ගත යුතු පියවර වශයෙන් යෝජනා 11ක් ඔවුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ අන්තර්ගතය
. එහි ඇතුළත් කරුණු කිහිපයක් පහතින් දැක්වෙයි. ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවීම. සීමිත අමාත්‍යාංශ ගණනක් සහ ඒවායේ විෂය පථය ජාතික විධායක සභාව විසින් තීරණය කිරීම. ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් නව අගමැතිවරයෙකු පත් කිරීම.
ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් සීමිත ඇමති මණ්ඩලයක් පත් කිරීම.
ඇමතිවරුන් වැටුප් නොලබා අනෙකුත් වරප්‍රසාද කප්පාදු කර කටයුුතු කිරීම.
සුදුසු සංශෝධන සහිතව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි සක්‍රිය කිරීම.
ආණ්ඩු වෙනස්වීම් සමග වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් මාස 6ක කාලයක් තුළ සකස් කිරීම
