විශේෂඥයින් පවා මවිත කරමින් ඇල්ෆා සහ බීටා ප්‍රභේද දෙකම ඇති ආසාදිතයෙක්

covid19 delta alfa beta Belgian
By Sewvandhi Jul 12, 2021 01:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට හඳුනාගත් ඇල්ෆා සහ බීටා යන කොවිඩ් ප්‍රබේද දෙකම ආසාදනය වූ කාන්තාවක් පිළිබඳව පුවතක් බෙල්ජියමෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

 මෙම ද්විත්ව ආසාදනයක් දැකීමෙන් විශේෂඥ පවා පුදුම වී ඇති අතර ඉදිරියේදී මෙය බිහිසුණු තත්ත්වයක් නිර්මාණය කළ හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

90 වැනි වියෙහි පසුවූ මෙම කාන්තාව මියගොස් ඇති අතර සිදු කළ පර්යේෂණ හරහා ඇය මිය ගොස් ඇත්තේ කොවිඩ් ප්‍රබේද ද්විත්ව ආසාදනය හේතුවෙන් ඇති වූ සංකුලතා හේතුවෙන් බවටයි වාර්තා වන්නේ.

මෙම කාන්තව ජීවත්ව සිටි කාලයේ ඇල්ෆා සහ බීටා යන කොවිඩ් ප්‍රභේද දෙකම බෙල්ජියමේ සංසරණය වෙමින් පැවති අතර මෙය එම කාන්තාවට වැළඳී ඇත්තේ ඇය බලා ගැනීමට පැමිණි සහයකයින්ගෙන් වන බවටයි මත පල වන්නේ.

ඒ අනුව කොවිඩ් 19 වෛරස දිවිත්ව ආසාදනය පිළිබඳව මේ වන විට වැඩිදුර පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now