බස්නාහිර පළාතේ අයට හදිසි අනතුරු ඇඟවීමක්

Report

2026 ජූලි 2 වැනිදා පැවති ජනතාවාදී විපක්ෂ මාධ්‍ය හමුවේදී, ඩෙංගු රෝගය යළිත් බරපතල අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව සඳහන් කරමින් ආණ්ඩුවේ වත්මන් සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ විවිධ පාර්ශව දැඩි විවේචන එල්ල කළහ.

එහිදී අදහස් දක්වමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ, ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා පෙර යහපාලන රජය සමයේ විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවයි. එම කාලය තුළ රෝහල් පහසුකම් සහ ඇඳන් ප්‍රමාණය ඉහළ නංවා, විවිධ රෝහල් ඩෙංගු ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සකස් කළ බවද ඔහු සඳහන් කළේය.

පුහුණු වැඩසටහන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සූදානම් කිරීම හරහා මාස කිහිපයක් තුළ ඩෙංගු තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බවත්, එවකට ලෝක සෞඛ්‍ය සංවිධානයද ඒ සඳහා ප්‍රශංසා කළ බවත් ඔහු ප්‍රකාශ කළේය. එහෙත් වත්මන් වාර්තා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් වෙනස් අදහස් ඉදිරිපත් වන බවද ඔහු සඳහන් කළේය.

"කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වගේ" - ආණ්ඩුවේ තෙල් මිල අඩුකිරීම් රෙද්ද ගලවමින් ගම්මන්පිලගෙන් ආණ්ඩුවට කනේ පාරක්

"කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වගේ" - ආණ්ඩුවේ තෙල් මිල අඩුකිරීම් රෙද්ද ගලවමින් ගම්මන්පිලගෙන් ආණ්ඩුවට කනේ පාරක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජනක රණවක මහතා ප්‍රකාශ කළේ, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සඳහා රුපියල් මිලියන 6,500ක් පමණ වියදම් කර තිබුණද ඩෙංගු පාලනය සඳහා ප්‍රායෝගික ප්‍රතිඵල නොලැබුණු බවයි. පසුගිය කාලයේ පළාත් පාලන ආයතන මගින් වසංගත තත්ත්වයන්ට සූදානම් වීමක් පැවති නමුත් වත්මන් තත්ත්වය එසේ නොවන බවද ඔහු චෝදනා කළේය.

වෛද්‍ය සිනෙක් ගජසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ, ඩෙංගු තත්ත්වය පාලනය කිරීම සඳහා එක් එක් රෝහල් මට්ටමින් පමණක් කටයුතු කිරීම ප්‍රමාණවත් නොවන බවත්, ජාතික මට්ටමේ සම්බන්ධීකරණ වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්ය.

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

එමෙන්ම සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ, බස්නාහිර පළාත මෙරට ඩෙංගු අවදානම ඉහළම ප්‍රදේශය බවට පත්ව ඇති බවයි. සමීක්ෂණ හා පූර්ව අනතුරු ඇඟවීම් පද්ධති මඟින් නිසි පරිදි ක්‍රියා නොකිරීම හේතුවෙන් වසංගතය පාලනය කිරීම අසීරු වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, ඔහු අවධාරණය කළේ ඩෙංගු මර්දනය සඳහා නිරන්තර ක්‍රියාකාරී සැලැස්මක් සහ මහජන සහභාගීත්වය අත්‍යවශ්‍ය බවත්, පෙර කාලයේ ක්‍රියාත්මක වූ සෞඛ්‍ය සම්බන්ධීකරණ රැස්වීම් හා ක්‍රමවේද නැවත ශක්තිමත් කළ යුතු බවත්ය.

"වී කිලෝව 80ටත් දෙන්න බෑ" - පොරොන්දු කඩකිරීම ගැන සර්ව ජන බලය රජයට එරෙහිව දැඩි සටනක

"වී කිලෝව 80ටත් දෙන්න බෑ" - පොරොන්දු කඩකිරීම ගැන සර්ව ජන බලය රජයට එරෙහිව දැඩි සටනක