උසස් පෙළට දින නියම වෙයි - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. දීර්ඝ කිරිමක් ගැනත් අපේක්ෂකයන්ට දැනුම්දීමක් මෙන්න.. (PHOTO)
අ.පො.ස උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වන දින සිට ජනවාරි මස 31 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2298ක දී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර සහ කාල සටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයදුම්පතෙහි සඳහන් කර ඇති ලිපිනයට ද මේ වන විට තැපැල් මගින් යොමු කර ඇත.
විභාග ප්‍රවේශ පත්‍ර නොලද, පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර පාසල් ප්‍රධානීන් වෙතද පෞද්ගලික විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර අදාල අයදුම්කරු වෙත ද බාගත කර ගැනීමේ අවස්ථාව මේ වනවිට සලසා දී ඇත.
මේ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk භාවිතා කළ යුතු ය.
මේ අතර, විභාග ප්‍රවේශ පත්‍රයේ විෂය, මාධ්‍ය, උපන් දිනය සහ නම මාර්ගගතව සංශෝධනය කර ගැනීමට දුන් කාලය දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් 22 මධ්‍යම රාත්‍රිය දක්වා එය දීර්ඝ කර ඇත.
ඒ අනුව පාසල් අයදුම්කරුවන් විදුහල්පති විසින් ද පෞද්ගලික අයිදුම්කරුවන් තමා විසින්ම ද සංශෝධනය කර ගත යුතු ය.
අදාළ සංශෝධනය කළ හැක්කේ එක් වරක් පමණි.
මෙම විභාගයට අදාළ කාලසටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි (www.doenets.lk) පළ කර ඇත.
වැඩිදුර තොරතුරු පහත නිවේදනයෙන්,
මේ අතර, පාසල් සිසුන්ට 2024 වසර සඳහා පාවහන්, තිළිණපත් ලබාදීමට රුපියල් මිලියන 2,250 ක් වැය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඒ අනුව දිවයින පුරා පාවහන් තිළිණපත් ලබාදෙන සිසුන් සංඛ්‍යාව, හත් ලක්ෂ හතලිස් හත් දහස් අනු හතක් වේ.
ඒ යටතේ පාසල් 5,113 කට සහ පිරිවෙන් 310 කට තිළිණපත් ලැබෙනු ඇත.
සම්පූර්ණ විස්තරය පහතින්,