උසස් පෙළට ජාතික ජන බලවේගයෙන් ප්‍රශ්ණ 5ක් - මොකක්ද මේ අලුත් වෙනස..

Report

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල චෝදනා කරන්නේ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය දේශපාලනීකරණය කළ අයුරින්ම, පාසැල් පද්ධතියද දේශපාලනීකරණය කිරීමට වත්මන් ආණ්ඩුව උත්සහ දරන බවටයි.

කොළඹ අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

ඔහු කියා සිටියේ, කළුතර දිස්ත්‍රික්කයේ පාසැලක උසස් පෙළ දෙවැනි වාර විභාගයේ සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ මුල් ප්‍රශ්න 5 ජාතික ජන බලවේගයට අදාළව සකස් කර ඇති බවයි.