රිමාන්ඩ් භාරයේ හිටපු ඇමති අකිලට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවූ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඔහුගේ ඉන්ධන හලේ සේවකයා ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය ලබා දුන්නේය.
ඒ අනුව එක් සැකකරුවෙකු සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුවන්ට විදේශයන් වෙත ගමන් කිරීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේය.