අකිල යලි උප සභාපති ධුරයට!
එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා නැවත නම් කර ඇත.
මෙම නියමනය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කාර්යාලය වන සිරිකොතේදී ඊයේ (01) පැවති පක්ෂයේ විධායක කමිටු රැස්වීමේදී සිදු කර තිබේ.
මේ අතර, පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාම යෝජනා සම්බන්ධයෙන් පක්ෂයේ විධායක කමිටුවේ අනුමැතිය ලබා ගෙන ඇත. එසේම, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සවිස්තරව සාකච්ඡා කර ඇත.