EPF හා ETF මුදල් ගැන සුභ ආරංචියක් - අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කරයි

Report

අතීතයේ මෙන් සේවක අර්ථසාධක අරමුදල සහ භාරකාර අරමුදල අවභාවිත කිරීමට කිසිදු ඉඩක් නැති බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම අරමුදල්වල සාමාජිකයන්ට උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි පරිපාලනය කිරීම රජයේ අරමුණ බවයි. කම්කරු මහ ලේකම් කාර්යාලයේ පැවති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සුභ ආරංචියක් - මෙන්න විස්තරේ

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සුභ ආරංචියක් - මෙන්න විස්තරේ

වසර ගණනාවක් පුරා කැඳවා නොතිබූ මෙම උපදේශක සභාව වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රැස්වූ 11 වන අවස්ථාව මෙයයි.

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර සේවක අර්ථසාධක අරමුදල මගින් එහි සාමාජිකයන්ට වඩාත් ඵලදායී සහ කඩිනම් සේවාවක් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ යෝජනාවක් සැළකිල්ලට ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුව මූලික කෙටුම්පත් සකස්කර තිබේ. එම කෙටුම්පත ඇසුරින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමුකර තිබේ.