5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලොකු අවුලක් - සියල්ල හෙළි කරමින් දෙමාපියන් නීතී මගට

Report

ඊයේ පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී තම දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බව පවසමින් කිරිඳිවැල ප්‍රදේශයේ දෙමාපියන් පිරිසක් කිරිඳිවැල පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කිරිඳිවැල බෝගහවත්ත ජිනානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක් කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි අවස්ථාවේදී මෙම ගැටලුකාරී තත්ත්වය මතුව ඇති බවට දෙමාපියෝ චෝදනා කරති.

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

විභාග කාලසටහනට අනුව පෙරවරු 11.15 ට ලබාදීමට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍රය තම දරුවන්ට ලබාදී ඇත්තේ පෙරවරු 11.30 ට බවත්, අනතුරුව අදාළ ප්‍රශ්න පත්‍රය නියමිත පරිදි පස්වරු 12.15 ට යළි එකතු කරගත් බවත් දෙමාපියන් පෙන්වා දෙයි.

ප්‍රශ්න පත්‍රය ප්‍රමාද වී ලබා දුන්නද, ඒ සඳහා අමතර කාලයක් ලබා නොදීම හේතුවෙන් තම දරුවන්ට විභාගය සඳහා නියමිත කාලයෙන් විනාඩි 30 කට ආසන්න වටිනා කාලයක් අහිමි වූ බව ඔවුහු පවසති.

මේ හේතුවෙන් දැඩි මානසික ඇදවැටීමකට ලක්වූ තම දරුවන්ට වූ අසාධාරණය වෙනුවෙන් වහාම සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස දෙමාපියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සුභ ආරංචියක් - මෙන්න විස්තරේ

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සුභ ආරංචියක් - මෙන්න විස්තරේ

මෙම සිදුවීම සම්බන්ධයෙන් ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ උසස් නිලධාරියෙකු එම ස්ථානයට පැමිණ දෙමාපියන් සමඟ සාකච්ඡා කර ඇති නමුත්, එහිදී කිසිදු ප්‍රායෝගික හෝ සතුටුදායක විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙලෙස පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගත් බව ද දෙමාපියෝ වැඩිදුරටත් සඳහන් කළහ.