මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන, කුරුවිට යන බන්ධනාගාරවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ අලාභය ගණනය කෙරේ
මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන සහ කුරුවිට යන බන්ධනාගාර පරිශ්‍රයන්හි මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් සිදුව ඇති සමස්ත දේපළ හානිය රුපියල් මිලියන 255 කට අධික බව අනාවරණය වී තිබේ.
අදාළ සිදුවීම්වලින් පසුව සිදු කරන ලද විශේෂ ගණන් බැලීම් සහ හානි තක්සේරු විමර්ශනවලදී මෙම තොරතුරු හෙළි වී ඇත.
එහිදී බන්ධනාගාර ගොඩනැගිලි, කාර්යාලීය උපකරණ, ආරක්ෂිත පද්ධති ඇතුළු පොදු දේපළ රැසකට බරපතළ ලෙස හානි සිදුව ඇති බව තහවුරු වී තිබේ.
මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සහ සිකුරාදා උදෑසන හටගත් නොසන්සුන්තා පාලනය කර තිබේ.