උසස් පෙළ සිසුන්ට නිවේදනයක් - කාලගුණයෙන් බාධාවක් සිදු වුවහොත් අමතන්න
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට කිසියම් බාධාවක් ඇතිවුවහොත් වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි ඇමතුම් අංකය හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 හදිසි ඇමතුම් අංකය අමතන ලෙස දැනුම් දී තිබේ.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි බාධා අවම කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන්ට ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ගැටලු සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයක් මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව, ආපදා තත්ත්වයක් හේතුවෙන් කිසියම් සිසුවෙකුට විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇතිවුවහොත්, එම තත්ත්වය පිළිබඳව පහත සඳහන් හදිසි ඇමතුම් අංක වෙත දැනුම් දිය හැකිය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය – 117 විභාග දෙපාර්තමේන්තුව – 1911 විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි – 0113 668119 0113 668026 0113 668032 0113 668087 076 3 117 117 අදාළ තොරතුරු ලැබුණු වහාම විභාගයට පෙනී සිටීමට ඇති බාධා ඉවත් කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කඩිනමින් සිදුකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දී තිබේ.