නව නියෝජ්‍ය කතානායකවරයා ජනතාවගෙන් සමාව ඉල්ලයි..
By krishani
අද(17) නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරී පත් වූ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ කථානායක ධූරය සඳහා ඡන්ද විමසීමක් කරා යොමු වීමෙන් පාර්ලිමේන්තුවේ කාලය සහ රටේ මහජන මුදල් නිකරුණේ වැය කිරීමට සිදුවීම සම්බන්ධයෙන් තමන් මෙරට සමස්ථ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවයි.
කෙසේ නමුත් පාර්ලිමේන්තු සභාගර්භය තුළ ක්‍රියාත්මක වූයේ මේ රටේ නීතිය බවත් එය මගහැර යා නොහැකි බවත් ඔහු සඳහන් කළේ ය.
තමන් පක්ෂ විපක්ෂ දෙපාර්ශවය සමඟම ඉතා සමීපව කටයුතු කරන පුද්ගලයකු මෙන්ම නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු ද දෙපාර්ශ්වයටම සම ලෙස සාධාරණව ඉටු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |