රෑ 9 වෙනකොට වෙලා තියෙන දෙය.. ප්‍රධාන නගර 12 ක වායුව සෞඛ්‍යට අහිතකර වෙලා.. මොකක්ද මේ වෙන්න යන්නේ?.
අද (30) රාත්‍රි 9 පමණ වනවිට දිවයින වටා නගර සහ ප්‍රදේශ 12ක පමණ වායු ගුණත්ව තත්ත්වය සෞඛ්‍යයට අහිතකර මට්ටමට පැමිණ තිබෙනවා.
ඒ රත්නපුර, කිලිනොච්චිය, ගම්පහ, ත්‍රිකුණාමලය, අම්බලන්ගොඩ, දඹුල්ල, ගාල්ල,මීගමුව, පුත්තලම, මහියංගනය ,කුරුණෑගල හා කලාවැව යන ප්‍රදේශවල ය.
වායු ගුණ තත්ත්ව දර්ශකය හෙවත් SL AQI හි අගය 0ත් 50ත් අතර යනු යහපත් මට්ටම වේ.
පොකට් එකට දැනෙන්න ද?. IOC ත් වහාම තීරණයක් ගනී.. මාලිමා ආණ්ඩුවේ ඉන්ධන මිල සංශෝධනය වුණේ මෙහෙමයි..(UPDATE)
එය 51 -100 අතර මධ්‍යස්ථ මට්ටමක් වේ.නමුත් අගය 101ත් - 150ත් අතර සුළු වශයෙන් අහිතකර වේ.
එම අගය 151 – 200 දක්වා අහිතකර මට්ටමක් වේ.
මෙවැනි පසුබිමක ඊයේ මෙන්ම අද දිනයේත් මෙරට ප්‍රධාන නගර රැසකම වායු ගුණ තත්ත්වයේ අගය 101 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව කොළඹ නගරයේ වායු ගුණ තත්ත්වයේ අගය ඊයේ 104ක් විය.
එමෙන්ම, එය අද 108ත් - 116ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙයට අමතරව කළුතර නගරයේ ද වායු ගුණ තත්ත්වය අගය අද 98ත් 104 අතර පැවතිණ.
එමෙන්ම, මහනුවර වායු ගුණ තත්ත්වය 106ත් - 114ත් මට්ටමේත් , අනුරාධපුර නගරයේ වායු ගුණ තත්ත්වය 100ත් - 118ත් අතර පැවතිණ.
ඒ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.
මේ අතර, යාපනය නගරයේ වායු ගුණ තත්ත්වයේ අගයත් අද 120ට ආසන්න විය.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය යටතේ සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් ඔවුන් වෛද්‍ය උපදෙස් සඳහා යොමු විය යුතු වෙ.
ඒ බව අදාළ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.
You May Like This Video👇
.