ගුවන් මගියෙක් රේගුවට මාට්ටු (PHOTO)
අද (17) දින කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ගුවන් මගියා විසින් රුපියල් ලක්ෂ හැත්තෑ පහක වටිනාකමින් යුත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙසේ ගෙනවිත් ඇත.
අඳාළ පුද්ගලයා වයස අවුරුදු 25 ක ව්‍යාපාරිකයෙක් බව සඳහන්. එසේම ඔහු මහනුවර, ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට ද වාර්තා වේ.
අත්අඩංගුවට පත් ගුවන් මගියා විසින් ගමන් මලු 4 ක් රැගෙන විත් තිබෙනවා.
ඒ තුළ තිබී විදේශීය නිෂ්පාදිත " ප්ලැටිනම් ඩබල් මික්ස්" වර්ගයේ දුම්වැටි 50,000ක් ඇතුළත් දුම්වැටි කාටූන් 250 සඟවා සිටින විට මෙසේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇති බව පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන එම නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවේ තබා ගෙනම සිදු කරන බව සඳහන්.