ලොවක් කම්පා කළ එයාර් ඉන්දියා අනතුර සිදුව වසරක් ගත වුවත් අනතුර ගැන තවමත් ප්‍රශ්නාර්ථයක් - අවසාන වාර්තාව ළඟදීම
ලොවම හැඬවූ ඛේදවාචකයක් ලෙස බටහිර ඉන්දියාවේ අහමදාබාද් නගරයෙන් ගුවන් ගත වී 260 දෙනෙකුට මරු කැඳවමින් ලන්ඩන් බලා ගමන් කළ එයාර් ඉන්දියා ගුවන් යානය 171 වෛද්‍ය විද්‍යාල පරිශ්රයකට කඩා වැටී වසරකට පසුවත් තවමත් ප්‍රශ්නාර්ථයක් ඉතුරු කර ඇති බව වාර්තා වේ.
ඒ ලෝකයේ වඩාත්ම දියුණු මගී ජෙට් යානයක් අහසින් වැටුණේ ඇයි දැයි විමර්ශකයින්ට තවමත් නිශ්චිතව කිව නොහැකි වීම හේතුවෙන්.
මෙම ව්‍යසනයේ පළමු සංවත්සරය වෙනුවෙන් ඉන්දියාවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය (AAIB) මඟින් නිකුත් කරන ලද යාවත්කාලීන කිරීමකින් මේ සම්බන්ධයෙන් නව ඉඟි කිහිපයක් ඉදිරිපත් වී තිබෙනවා.
ඒ පියාසර පටිගත කිරීමේ දත්ත, ගුවන් යානා පද්ධති, එන්ජින් සංරචක, නඩත්තු වාර්තා සහ මානව සාධක විශ්ලේෂණය කිරීම පමණක් සිදුවෙමින් පවතින බවටයි.
ගුවන් ගත වී සුළු මොහොතකින් දැවැන්ත බෝම්බ හෙලන ගුවන් යානයක් කඩා වැටෙයි - 8 දෙනෙක් මරුට - ගුවන් පථයත් වහාම වසා දමයි
මේ අතර පසුගිය ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද මූලික වාර්තාවකින් අනාවරණය වී තිබුණේ ගුවන්ගත වී තත්පර කිහිපයකට පසු, අවුරුදු 12 ක් පැරණි බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානයේ ඉන්ධන පාලන ස්විචයන් හදිසියේම "කපා හැරීමේ" ස්ථානයට මාරු වූ බවත්, එමඟින් එන්ජින් දෙකෙහිම ඉන්ධන හිඟයක් ඇති වූ බවත්, සම්පූර්ණ විදුලි අලාභයක් සිදු වූ බවත්ය.
කෙසේ වෙතත් එයාර් ඉන්දියා AI-171 අනතුර සම්බන්ධයෙන් විමර්ශනය අවසන් වෙමින් පවතින අතර, ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය ඉක්මනින් එහි අවසන් වාර්තාව ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව මධ්‍යම සිවිල් ගුවන් සේවා අමාත්‍ය රාම් මෝහන් නායිදු සඳහන් කළ බව වාර්තා වේ.
කොළඹ, ගම්පහ, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක රැසක අධි වසංගත තත්ත්වයක් - අධි අවදානම් කලාප 84ක් දක්වා ඉහළට
එමෙන්ම ජාත්‍යන්තර විමර්ශන ප්‍රමිතීන්ට අනුකූලව විමර්ශනය ඉදිරියට යන බවත්, අවසාන සොයාගැනීම් නිකුත් කිරීමට පෙර අවශ්‍ය සෑම පියවරක්ම අනුගමනය කරන බවට බලධාරීන් සහතික වන බවත් ඔහු පවසා ඇත.
ඉකුත් වසරේ ජුනි 12 වන දින අහමදාබාද්හි සර්දාර් වල්ලභභායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගත වී ටික වේලාවකට පසු එයාර් ඉන්දියා AI-171 ගුවන් යානය කඩා වැටීමෙන් මගීන් 229 ක්, කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සහ භූමියේ සිටි පුද්ගලයින් 19 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 260 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.