වැඩි පඩියකට රජයේ ජොබ් එකකට යන්න බලන් ඉන්න ඔයාට රජයෙන්ම නියම චාන්ස් එකක්

Report

මෙරට ළමා පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන ජාතික ළමාරක්ෂක අධිකාරියේ සමස්ත කාර්ය මණ්ඩලය තුළ නිලධාරීන් 300කට ආසන්න බරපතළ පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බව අනාවරණය වී තිබේ.

එම අධිකාරියේ ප්‍රධාන මූලස්ථානය මෙන්ම දිවයින පුරා විහිදී පවතින පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල පද්ධතියේ නිසි පරිදි රාජකාරී කටයුතු පවත්වාගෙන යාම සඳහා සේවකයන් 600ක බලකායක් සිටිය යුතු වුවද, දැනට එහි සේවය කරනු ලබන්නේ අවශ්‍ය ප්‍රමාණයෙන් අඩක් වැනි සීමිත පිරිසකි.

ඒ අනුව, පරිපාලන නිලධාරීන්, දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරීන්, දිස්ත්‍රික් මනෝවිද්‍යා නිලධාරීන්, ගිණුම් සහායකයන් මෙන්ම සහකාර උපදේශකවරුන් වැනි ක්ෂේත්‍ර රැසක තනතුරු රැසක් මෙලෙස දීර්ඝ කාලයක සිට පුරප්පාඩුව පවතී.

ශ්‍රී ලංකාව තුළ සිදුවන ළමා අපයෝජන වැළැක්වීම, බාලවයස්කාර දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ ළමා හිංසනයන්ට එරෙහිව ක්‍රියාත්මක වන විවිධ ආයතනවල කාර්යභාරයන් සම්බන්ධීකරණය මෙන්ම නියාමනය කිරීම මෙම අධිකාරිය සතු මූලික වගකීම වේ.

ජූලි 04 වන දිනය පුරා වලංගු නිවේදනයක් - රටටම ප්‍රවේශම්වන මෙන් දන්වයි

ජූලි 04 වන දිනය පුරා වලංගු නිවේදනයක් - රටටම ප්‍රවේශම්වන මෙන් දන්වයි

කෙසේ වෙතත්, පවතින උග්‍ර සේවක හිංඟය හේතුවෙන් දරුවන්ගේ ගැටලු වෙනුවෙන් කඩිනමින් මැදිහත් වීමට හා අදාළ නීතිමය පියවර ගැනීමට දැඩි බාධා එල්ල වී ඇත.

මේ පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනී, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය සඳහන් කළේ, පවතින සේවා අර්බුදය විසඳීම සඳහා අත්‍යවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීමේ නිල ක්‍රියාවලිය මේ වන විටත් කඩිනමින් ආරම්භ කර ඇති බවයි.

අද ටෙහරානය එකම හිස් ගොඩක් - ආරක්ෂාවත් දැඩි ලෙස තර කෙරේ

අද ටෙහරානය එකම හිස් ගොඩක් - ආරක්ෂාවත් දැඩි ලෙස තර කෙරේ