මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට සහනයක්

covid19 isolated quarantine PCR test travel restriction
By Sewvandhi Jun 30, 2021 09:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට පනවා තිබු තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කර තිබේ.

මැදපෙරදිග රටවල් වන කටාර්, ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේට් රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට කොවිඩ් වසංගතය හේතුවෙන් ජුලි 1 වන දා සිට ජූලි 13 වන දා දක්වා තාවකාලික තහනමක් පැනවීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය ඊයේ (29) පියවර ගත්තේය.

පනවා ඇති කොන්දේසි මෙසේය,

*එම රටවල සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන් සතුව ආසාදිත නොවන බව තහවුරු කිරීමට පීසීආර් වාර්තාවක් තිබිය යුතුය. අදාළ ගුවන් සමාගම මගියා ගුවන් යානයට ගොඩවීමට පෙර ඒ පිළිබඳ ව සොයාබැලිය යුතුය.

*ඇන්ටිජන් පරීක්ෂණ වාර්තා පිළිනොගනී.

*පීසීආර් වාර්තාව රජයේ හෝ අනුමත කළ ආයතනයකින් ලබාගත යුතු අතර, ඊට අදාළ QR/Bar කේත එහි සඳහන් විය යුතුය.

*මගියා ඉදිරිපත් කරන පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ගුවන් සමාගම තෘප්තිමත් විය යුතුය.

*එසේ පැමිණෙන මගීන්ට අවසර ලැබෙන්නේ හෝටල් නිරෝධායනයට ලක්වීමට හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ජෛව ආරක්ෂිත බුබුල සංකල්පය මත පමණි.

කෙසේවෙතත් ජුලි මස 31 වනදා දක්වා ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් සිට පැමිණෙන මගීන් සඳහා පැනවු තහනම තවදුරටත් ක්‍රියාත්මක වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now