AI තාක්ෂණයෙන් කොවිඩ් අනාවැකි..අලුතෙන්ම හඳුන්වා දුන් වෙබ් අඩවිය මෙන්න..

By Sewvandhi Oct 15, 2021 11:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය උපයෝගී කරගෙන නොකඩවා ඉදිරි දින 10 ඇතුළත ආසාදනය වියහැකි සහ මරණයට පත්විය හැකි කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පිළිබඳව අනාවැකි පළකරන වෙබ් අඩවියක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් නිර්මාණය කර තිබෙනවා.

මෙම වෙබ් අඩවිය හඳුන්වනු ලබන්නේ AI4COVID ලෙසයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පර්යේෂණ ඉංජිනේරු හර්ෂණ වැලිගම්පොළ සහ උමාර් මරික්කාර් විසින් මෙය නිර්මාණය කර තිබෙනවා.

ඒ, ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ජනක ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රොෂාන් ගොඩලියැද්ද, ආචාර්ය පරාක්‍රම ඒකනායක සහ මහාචාර්ය විජිත හේරත් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේයි.

ශ්‍රී ලංකාවට අමතරව ඉතාලිය, ජපානය, ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදය සහ නයිජීරියාව වැනි රටවල අතීත කොවිඩ් දත්තද මෙම පුනරාකථන ක්‍රියාවලිය සඳහා යොදාගෙන තිබෙනවා.

කොවිඩ් පුරෝකථන ලබාදෙන වෙබ් අඩවිය පිළිබඳ විස්තර https://covid.eng.pdn.ac.lk ලබාගත හැකි අතර පර්යේෂණ කණ්ඩායම විසින් සිදුකරන නවතම පර්යේෂණ පිළිබඳවත් එම වෙබ් අඩවිය මගින් දැනගත හැකියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery